‘බංගලාදේශ ක‍්‍රීඩකයින් අපිව පොලිස් ජිප් එකට දැම්මා..මහේල අයියා කරපු උදව් ගලේ කෙටුව වගේ මතකයි..’

මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දිරිමත් කරන අපූරු ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් ක්‍රිකට් රසික හදවත්වල නොමැකෙන තරුවක්‌ බවට පත්ව සිටී. මෙරට පමණක්‌ නොව ලෝක ක්‍රිකට්‌ තරු අතර ද ඔහු ජනප්‍රියයි. ඉන්දීය ක්‍රිකට්‌ නායක විරාට්‌ කෝලි තම විවාහ මංගල්‍යයේදීවත් ඔහුව අමතක නොකළේය. විරාට්‌ කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මාගේ විවාහ මංගල්‍යයට මෙරටින් සහභාගි වූ එකම ආරාධිතයා ඔහු පමණි. හේ මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දිරිමත් කරන ගයාන් සේනානායකය.

පළමු වතාවට පිටරට මැච් එකක්‌ බලන්න යන්න ලෑස්‌ති වුණේ බංගලිදේශයට. ඒ මගේ ජීවිතේ පළමු වතාවට පිටරටකට යන්න ලෑස්‌ති වෙච්ච අවස්‌ථාව. ඒ කාලේ ලංකාවේ ඉඳලා බංගලිදේශයට සෘජු ගුවන් ගමන් තිබුණේ නෑ. බංගලිදේශයට යන්න තියෙන වියදම අඩුම මාර්ගය චෙන්නායිවලට ගිහින් යන එක. චෙන්නායිවලට ෆ්ලයිට්‌ එකේ ගිහින්. එතන ඉඳලා කල්කටාවලට දුම්රියෙන් යන්න ඕනා. කල්කටා ඉඳලා ඩකා නුවරට බස්‌ එකෙන් යන්න පුළුවන්.

ඩකා බස්‌ එක නම් සුපිරියි. වට පිට බැලුවත් වැඩක්‌ නෑ. තිත්ත කළුවරයි. සීට්‌ එකත් පාත් කරගෙන හොඳට නිදාගත්තා ඇහැරෙනකොට බස්‌ එක ඩකා ටවුන් එකේ බස්‌ එකෙන් බැස්‌ස ගමන් මම බංගලිදේශ කණ්‌ඩායමේ මොහොමඩ් රාෆික්‌ට කෝල් එකක්‌ ගත්තා. රෆික්‌ ගොඩක්‌ සතුටු වුණා.

ඩකා ටවුන් එකේ ඇවිදින්න යන්න එපා. එළිය වැටෙනකම් ඉඳලා අපි ඉන්න හෝටලයට එන්න කියලා රෆික්‌ මට කිව්වා. ඒ කතා කරලා ටික වෙලාවකට පස්‌සේ හබිබුල් බසාර් මට කෝල් එකක්‌ ගත්තා. අෂ්රාෆුල්, කලිඩ් මෂූර් එතකොට මගේ හොඳ යාළුවො.

ඩකා ඉඳලා පාන්දර බස්‌ එකේම අපි චිතගොන්වලට ගියා. පාන්දර හය වෙනකොට අපි මොහොමඩ් රෆික්‌ගේ කාමරයටත් ගියා. ඒ ගිහිල්ලා අපේ බෑග් රූම් එකේ තියලා ඇඟ පත හෝදාගත්තා. ටික වේලාවක්‌ යනකොට බංගලි කණ්‌ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක්‌ම රෆික්‌ගේ කාමරයට ඇවිත් අපිත් එක්‌ක කතාබහ කළා. අපිට උදේ කෑම ලෑස්‌ති කරලා දුන්නා. වියදමට සල්ලි දෙන්න හැදුවා. අපි සල්ලි ගත්තේ නෑ.

පස්‌සේ අපි පිට්‌ටනියට ගියේ බංගලිදේශ කණ්‌ඩායම යන බස්‌ එකට ඉදිරියෙන් පොලිස්‌ ජීප් එකේ. බංගලිදේශ ක්‍රීඩකයන් තමයි අපිව පොලිස්‌ ජීප් එකට දැම්මේ. ඒ අය යන බස්‌ එකේ පිට අයට යන්න තහනම්. ඒ නිසා තමයි අපිව පොලිස්‌ ජීප් එකට දැම්මේ. නැති නම් අපි යන්නේ බංගලි ක්‍රීඩකයන් යන බස්‌ එකේ. අපි පිට්‌ටනියට යනකොට ලංකාවේ කවුරුවත් නෑ. ටික වේලාවක්‌ යනකොට තමයි ලංකාවේ අය පිට්‌ටනියට එන්න ගත්තේ. අපිව දැක්‌කම ලංකාවේ අයටත් ගොඩක්‌ සතුටුයි.

මල්ලිලා කවදදා ද මෙහේට ආවේ… කොහේද නතර වෙලා ඉන්නේ… හෝටල්වල ඉන්න ඕනා නෑ. අපේ ගෙදර ඉන්න පුලුවන්…’ අපිත් එක්‌ක කතා කරපු හැමදෙනාම උදව් කරන්න ලෑස්‌ති වුණා. මුලින්ම කතා කරලා නතර වෙන්න එන්න කියපු අයියලාගේ ගෙදර තමයි අපි නතර වුණේ. ඒ අයියාව මහේලත් හොඳට අඳුරන කෙනෙක්‌පස්‌සේ ලන්ච් ටයිම් එකේදී ඒ අයියා මහේලව මුණගැහෙන්න ගිය වේලාවේ ‘ලංකාවේ ඉඳලා අපේ යාළුවො දෙන්නෙක්‌ ඇවිත් ඉන්නවා. ඒ දෙන්නට උදව් කරන්න පුළුවන්දකියලා මහේල අයියා අහලා තිබුණා. මහේල අයියා ඒ දවස්‌වල අපිට කරපු උදව් අදටත් මතකයි. ඒවා ගලේ කෙටුවා වගේ තමයි. කිසිම දවසක අමතක වෙන්නේ නෑ.

එදා තරගයට අපේ කණ්‌ඩායම පිට්‌ටනියට ආවේ අපි ගිහින් පැය භාගයකට විතර පස්‌සේ. සනත්, මහේල අයියලා අපිව දැකලා ගොඩක්‌ සතුටු වුණා ඒ අය තමයි අපිට බංගලිදේශයට යන්න උදව් කළේ. ඒ උදව් නොලැබෙන්න එදා අපිට එතැන ඉන්න බැරි වෙනවා. ඒ වගේම අපේ ක්‍රීඩකයො අපි ආපු දුෂ්කර ගමන ගැන අහලා ගොඩක්‌ දුක්‌ වුණා. යනකොට අපිට කෙළින්ම ලංකාවට බහින්න ටිකට්‌ අරන් දෙන්න ඩිල්ෂාන් අයියලා සූදානම් වුණා. ඒත් අපි කිව්වා මේක අපිට ලොකු අත්දැකීමක්‌ නිසා ආපු විදිහටම යන්නම් කියලා. ලංකාවේ ඉඳලා චිතගොන්වලට දවස්‌ තුනක්‌ ගමන් කළා. රෆික්‌ගේ කාමරයට යනකොට ඇඟපත තලා දැම්මා වගෙයි. ඒත් පිට්‌ටනියට යනකොට ඒ කිසිම අමාරුවක්‌ නෑ.

Comments

Popular posts from this blog

තිලංග සුමතිපාල ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් සභාපති ධූරයෙන් ඉවතට..අලුතෙන් පත්වන ‘සභාපති’ මෙන්න BREAKING NEWS

செல்போன் டவர் வந்ததானால் அழிந்தது என்று நினைக்கிறோம் ஆனால் உண்மை அது அல்ல

උපුල් දිල්‍ෂාන් ගේ පලමු පෙම්වතිය එක්ක අැත්තටම හාද වුනාද මෙන්න උපුල් ගේ ජිවිතයේ අැත්ත කතාව මෙන්න